
(නිමල් ජයරත්න)
සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදුනහොත් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ් සංගමය පවසයි.
පොලොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටලයේදී අද සවස පැවැති සහල් නිෂ්පාදකයන්ගේ සංකමයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවැසීය.
නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක් ද, සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද කීරි සම්බා කිලෝවකට රුපියල් 160ක් වශයෙන් ලබා දෙන ලෙසට මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට ලිඛිතව දන්වා සිටි බව ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
වත්මන් රජය බලයට පත් වී තම සහල් ව්‍යාපාර සඳහා ගැසට් නිවේදනයන් පැනවීම තුළින් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය කරන මෝල් 750ක් පමණ මේ වන විට වසා දමා ඇතැයි ද සුරාජ් ජයවික්‍රම මහතා කියයි.
මේ වන විට පාරිභෝගිකයනට නියමිත මිලට සහල් නොලැබෙන බවත් ඉදිරියේදී රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇති වන බැවින් ඊට පෙර වහාම සාකච්ඡාවක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

