මෝය කටෙන් දියඹට යන්න ගිය ධීවරයෙක් මරුට


( ලලිත් නවරත්න)

හලාවත මුහුදේ ධීවර රැකියාව සඳහා හලාවත මෝයකටෙන් ඇතුලූ  වීමට උත්සාහකළ ධීවරයන් දෙදෙනෙකු මුහුදට වැටීමෙන් එක්අයෙකු අද 17 මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇතිතේ හලාවත වැල්ල කුරුසපාඩුව පදිංචි වර්ණකුලසූරිය ජෝසප් නැමති 46 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු සමග ඔහුගේ වැඩිමහල් ඥාති සොහොයුරෙකු සුපුරුදු පරිදි අද මෙම ධීර රැකියාව සඳහා බෝට්ටුවකින් අද පෙරවරුවේ පිටත්ව ඇති අතර කලපු තීරයේ  සැතපුම් 2ක පමණ දුරක් ගෙවාගන

ගොස් මෝයකටෙන් මුහුදට ඇතුලූවීමට යාමේදි වාරකම් තත්වයත් සමග බෝට්ටුව ඇලවී මෙසේ බෝට්ටුවේ සිටි ධීවරයන් මුහුදට විසිව ගොස් ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරුව ඇත.

මෙහිදී එක් පුද්ගලයෙකු රැල්ලත් සමග වෙරලට ගසාගන පැමිණ ඇතිඅතර මරණයට පත්වඇති පුද්ගලයා දියබට ගසාගනගොස් ඇත.

අනතුරුව ධීවර කර්මාන්තය සඳහා මුහුදට ගිය ධීවරයින් එකතුව මරණකරු නැවත වෙරලට ගෙනවිත් ඇතිබව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා රෝහල්ගත කරන අවස්ථාවේදී මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෘතශරීරය සම්බන්ධයෙන් පීසී ආර් පරීක්ෂණයකින් හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව ඥාතීන්ටභාරදීම සිදුකරන බව රෝහල් බලධාරීන් පවසයි.