( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දෙල් ගසකට නැගි පුද්ගලයෙකු අධි බල විදුලි සැර වැදී මියගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ ලී අලෙවි වෙළඳසැලක කම්කරුවෙකු ලෙස සේවය කරන ලිදුල මැග්ඩාශ් වත්ත පදිංචිව සිටි මුතු කුමාර් 38 එක්දරු පියෙකි
මියගිය පුද්ගලයා ලී අලෙවි වෙළඳසැලේ සේවය කරන රියදුරෙකු සමඟ දෙල්ගෙඩි කැඩීමට පැමිණ යකඩ පයිප්පයකට යකඩ කූරක් ගැටගසා දෙල් ගසට නැග තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දෙල් ගෙඩි කීපයක් කඩා බිම පතිත කිරීමෙන් අනතුරුව එම දෙල් ගසට ආසන්නව තිබෙන වෝල්ට් 33000 අධිබලැති විදුලි රැහැන් අතර විහිදී තිබෙන දෙල් අතු අතර තිබෙන ගෙඩි කැඩීම සඳහා දෙල් ගසේ අඩි විස්සක් පමණ උඩට ගොස් ගෙඩි කැඩීමට සූදානම් වීමේදී අත දරා සිටින යකඩ පයිප්පය හරහා විදුලිය කාන්දු වී ශරීරයට වැදි ගසෙන් බිමට වැටී තිබූ බව පොලිසිය කියයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දෙල් කඩන්න ගිහින් විදුලිසැර වැදිලා
නිමල් Monday, 19 May 2025 01:38 PM
සිද්ධියක් සිදු වූ පසු නම් මිනිස්සු වට වෙනවා. ඒත් කවුරුත් නැහැ මේ මනුස්සයාට කරන්න යන දේ අවදානම පෙන්වන්න.
ලුම්බිණි Monday, 19 May 2025 02:18 PM
සම්පුර්ණ ඇත්ත .
හේවාවිතාරණ Monday, 19 May 2025 02:47 PM
විදුලි බල මණ්ඩලය වග කියන්න ඕනේ මේ වගේ සිද්ධිවලට... දෙල් ගස් අස්සෙන් මොකටද මේ වගේ අධි බලැති රැහැන් අදින්නේ? මිනිස්සු දෙල් කඩනවා... ඒ අසල සැරි සරනවා කියලා තේරෙන්නේ නැද්ද...? අනික යකඩ බටේකින් දෙල් කඩන්න යනකොට ඒක කව්රුවත් දක්කේම නැද්ද වළක්වන්න..?