මොරොන්තුඩුවේ වෙල් යායක ගින්නක්


(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරොන්තුඩුව වෙල්යායක මේ වනවිට විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර, දැනට අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත.

කළුතර බණ්ඩාරගම මාර්ගයේ මොරොන්තුඩුව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ අතු ගංගාවක් ආසන්න වෙල් යායේ පුරන් කුඹුරු වෙල්යාය මේ වනවිට මුළුමනින්ම ගින්නෙන් විනාශ වෙමින් පවතී.