මොරටුව සරසවියේ ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ මීට සුළු මොහොතකට පෙර හදිසි ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.

ගින්න ඇති වන අවස්ථාවේදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

බැටරි කිහිපයකින් විදුලිය කාන්දු වී මෙම ගින්න හටගෙන ඇතැයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීහු පැවැසූහ.