මොරගහකන්ද වාන් ඇරේ


(ඉන්දික අරුණ කුමාර)

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවැසීය.

එම වාන්දොරුටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජලධාරාවක් මොරගහකන්ද ජලාශයේ ජලය ඇළහැර අමුණ දෙසට මුදාහැරේ.

මීට අමතරව අඹන්ගගේ ඉහල ජලාධාර කලාපයේ පිහිටා ඇති බෝවතැන්න ජලාශයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කර මුදාහැරෙන ජලයද මොරගහකන්ද ජලාශයට එකතුවන බැවින් ඊයේ (20) පස්වරුව වන විටත් වාන් දොරටු දෙකක ජලය මුදා හැරීම සිදුවෙමින් පැවතිණි.

මේ අතර පාරේ ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ තවදුරටත් වැසි පැවතිය හොත් මොරගහකන්ද ජලාශයේ ජලය මුදා හැරීම තවදුරටත් සිදුවිය හැකි බවයි.

මේ අතර බෝවතැන්න ජලාශයේ ජලයද අද අලුයම් කාලයේ(20) සිට දොරටු පහක් ඔස්සේ අඹන් ගඟට ජලය මුදාහැරුණද පස්වරු එකට පමණ බෝවතැන්න ජලාශයේ වාදොරටු වසා දමන බවද පි.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ.

ඒ හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මොරගොල්ල, ඕපල්ගල, සේනාගම, නාලියකනත්ත, බාරේකොටුව ආදී ගම්මාන රැසක ජිවත් වන පන්දහසක පමණ පිරිස් හට දෛනික කටයුතු වලට බාධා එල්ල විය.