(ජේ.ඉඳුරුවගේ )
මොනරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත 147 කට අයත් වන බිම් හෙක්ටයාර 25,882 ක් වසර කීපයක් තිස්සේ රක්ෂිත වනාන්තර ලෙස ගැසට් නොකිරීමෙන් එම රක්ෂිත ආශ්‍රිතව අනවසර ඉඩම් අල්ලා ගැනීම් බහුල වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
මෙම තත්වය හේතුවෙන් දිගු කලක සිට කැබලිත්ත රක්ෂිතයේ පමණක් අක්කර 25,000 කට ආසන්න වනාන්තර බිම් ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයෙන් බැහැර කිරීමට සිදුව ඇතැයිද විගණනය පෙන්වා දෙයි.
මෙකී වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ප්‍රසිද්ධියට පත් නොකර රක්ෂිත බවින් නිදහස් කිරීමට සිදුවීමෙන් පවතින ස්වාභාවික වනගහන ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ බැසීම තුළින් මෙරට තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද විගණනයෙන් පෙන්වාදෙයි.
මේ අනාවරණය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිතුරු සපයා නැති අතර මෙකී රක්ෂිතයන් මැනීම හා ගැසට් මගින් අයිතිය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම්කර වන විනාශය මගහරවා ගත යුතු බවට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.