මොඩ් බස් 28කට තහනම් නියෝගයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් විවිධ උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය කියයි.

බස්රථ පනහකට අධික ප්‍රමාණයක් පොලොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ දී විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සැරිසැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් රථවාහන මූලස්ථානය එම බස් රථ වල හිමිකරුවන් සහ රියදුරන් කොළඹට කැඳවා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව රථ වාහන මූලස්ථානය කියයි.

ජපන් ලමිස්සි, දුඹුරු ලමිස්සි, රෝස සමනලී, සුරංගනාවි කිඳුරංගනා වී දම් රැජින සහ සොනික් ආදී අන්වර්ථ නම් රැසකින් යුත් බස් රථ වූ බව පොලිසිය කියයි.

රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සිවුදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.