මොඩර්නා ලක්ෂ පහළොවක් ලබන සිකුරාදා දිවයිනට


(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් ලබන15 වැනිදා සිකුරාදා මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .

මේ එන්නත් ලැබෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පදනම යටතේය.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොඩර්නා එන්නත් තොගයක් මෙරටට ලැබෙන පළමු අවස්ථාව මෙයයි .