
(අංජුල මහික වීරරත්න)
නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් වල සිසුන් සඳහා මෙම 16 වැනිදා පාසල් අරඹන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
මෙවර තෙවන වාර විභාගය නොපැවැත්වෙන අතර 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක් පැවැත්වෙන බව ද කලුවැව මහතා කීය.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් හි විභාග ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා සිදුකෙරෙන අතර ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ලබන පෙබරවාරි මස පැවැත්වෙන බව ද ඔහු කීය.
අමාත්‍යංශ ලේකම්වරයා මේ බව කීවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

