අංජුල මහික වීරරත්න
මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයක් වන බවට පළවන තොරතුරුවල සත්‍යතාවයක් තිබේ දැයි සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි අතර එය මතාගේ පෞද්ගලික මතයක් පමණක් බවයි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර