මෙහෙම ඇඳිරි නීතිය දාලා පලක් නෑ


 

(සුජිත් හේවාජුලිගේ )

සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවද හෙතෙම සඳහන් කළේය.

වාහන සහ මහජනතාව අනවශ්‍ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවාද අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් සභාපතිවරයා කීවේය.