
(නිමන්ති රණසිංහ)
මෙරට දිවිගෙවු වයස්ගතම යුද හමුදා සෙබලා ඉකුත් 15 වැනිදා සිය දිවියෙන් සමුගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 102කි.
අම්බලන්ගොඩ, අහුන්ගල්ලේ පිහිටි නිවසකදී එලෙස මියගොස් ඇත්තේ, වර්ෂ 1948 ට පෙර පැවැති 2 වන රාජකීය බි්‍රතාන්‍ය හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අංක 410 දරණ තුවක්කු සෙබල එස්.ඩබ්ලිව්. ගුණපාල (විශ්‍රාමික) මහතා ය. වර්ෂ 1943.01.20 වන දින සිට 1945.02.06 වන දින දක්වා රාජකීය බි්‍රතාන්‍ය හමුදාවට සේවය කළ තුවක්කු සෙබල එස්. ඩබ්ලිව්. ගුණපාල මහතා, බි්‍රතාන්‍ය හමුදාවට සේවය කළ මෙරට ජීවත් වු වයස්ගතම සොල්දාදුවා බව යුධ හමුදාව සදහන් කරයි.
වර්ෂ 1939- -සහ 1945 කාලය තුළ 2 වන ලෝක සංග්‍රාමයට දායක වු ගුණපාල මහතා බි්‍රතාන්‍ය හමුදාවට කරන ලද සේවය අගය කරමින් සම්මානයක් ද පිරිනමා තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔහු සිය 102 වන උපන්දිනය පවුලේ සාමාජිකයන් සමඟ සමරනු ලැබ තිබීමද විශේෂත්වයකි.


