
(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ , කැනඩා මිත්‍ර මාවතේ , නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය අද උදෑසන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි .
මෙම නව පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය හොස්පිනෝම් ( Hospinorm ) ආයතනය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබයි මෙම හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි වල සිය මව් සමාගම් පවත්වා ගෙන යනු ලබයි .
අති නවීනතම වෛද්‍ය උපකරණ වලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500 ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් ඇති අතර , දිනක කාළයක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාවක් පවතී .
ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙය වේ .
මෙහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම අභියෝග සදහා ඍජුව මුහුණ දී අවසන් ජයග්‍රහණය ලබා ගත යුතුයි. බ
මෙම කොරෝනා වසංගතය නොසිතූ ලෙස ලෝකය වෙලා ගත් බවත් මේ නිසා විසදුමක් නොමැති අවාසනාවන්ත තත්වයක්. ඊශ්‍රායලය , එහි ජනගහනයෙන් 70% කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී , බූස්ටර් තෙවන මාත්‍රාවක් ද ලබා දී තිබියදීත් , ඊළඟ රැල්ලකට ගොදුරු ව තිබෙනවා.
එනිසා මෙවැනි පසුබිමක් තුළ ආර්ථිකයේ මර්මස්ථාන රැක ගනිමින් ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුයි.
එනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රතික්‍රියා කිරීමට උනන්දු විය යුතු කාළය එළඹී තිබෙනවා.
ඒ සදහා නිවැරැදි ප්‍රතිපත්ති මත සිට නිවැරැදි විසදුම් සෙවීමට පියවර ගත යුතු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.








