මෙරට ලක්ෂ හැත්තෑවක් පූර්ණ එන්නත් කරණයට


(නිමන්ති රණසිංහ)

මෙරට සමස්ථ ජනගහනෙයන් මිලියන 07කට අධික සංඛ්‍යාවක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව, ඊයේ (29) වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති සංඛ්‍යාව 7042418ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි 61% ක් ලෙසින් වන බවත් එම ඒකකය සඳහන් කරයි.

මේ වන විට එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 20ත් 30ත් අතර ප්‍රමාණයක් ද සිටින අතර ඔවුන් ඇඟලුම් කර්මාන්තයේ සහ අත්‍යාවශ්‍ය සේවාවාන්හි නිරතවන අයවලුන් බව ද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංවර්ධන කටයුතු සදහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් 2,865 දෙනකු සදහා කොවිඩ් පළමු මාත්‍රාව ද, 2, 435 දෙනකු සදහා දෙවන මාත්‍රාව ද ලබා දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.