(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලිංගම් චන්ද්‍රසේකරන් මහතා පැවැසීය.
එම මුහුදු සීමා ගැටලුව ඇතුළුව ඉන්දු ලංකා ධීවර ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සතියේ යෑමට නියමිත ඉන්දීය සංචාරයේදී එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමතිවරයා කිය.
මෙම ගැටලු විසඳීම සඳහා දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
තමිල්නාඩුවේ ඇතැම් ධීවරින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරිම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වයට දෙපාර්ශවයටම එකඟ විය හැකි විසඳුමකට කඩිමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.