(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ සුලභව පැතිර යන ඩෙල්ටා කොරෝනා වයිරසයේ අනු ප්‍රභේදයට වෛද්‍ය විශේෂඥයන් වෙනම නමක් ලබාදී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව එම අනු ප්‍රභේදය හඳුන්වා ඇති නිල නාමය AY28 බවද හෙතෙම සඳහන් කළේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරසයේ මෙම අණු ප්‍රභේදය මුලින්ම හඳුනා ගනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි.
එසේම මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිය හැඳින්වෙන්නේ 701එස් ලෙස යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම අනු ප්‍රභේදය සහිත සාම්පල 382ක් ලෝකයේ විවිධ රටවලින් හමුවී ඇතත් ඉන් 228ක්ම ශ්‍රී ලංකාවෙන් හමුවීම විශේෂත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලට අනුව මේ රටේ පැතිර යන වයිරසවලින් 95 වැඩි ප්‍රමාණයක් ඩෙල්ටාය.

