
(අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු පලා ගිය බවත් එම සැකකරු අඟුලුගම නුවන් තාරක ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ '' හිතුමතේ ජීවිතේ" ලෙස පච්ච සලකුණු ඇතැයි පොලිසිය කියයි.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
පොලිස්පතිට කියන්න (WhatsApp)
071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
011 233 7162/071859 2087

																	
																	
																	
																	
																	
																	