වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික භටයින් පිරිසක් විසින් අද(26) උඩප්පුව මුහුදු ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබී ඇත.
නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක කරන මෙම බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දී තිබේ.





