(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මසුන් මැරිම සදහා හලාවතින් මුහුදු ගිය යාත්‍රාවක් මහ මුහුද මැදදී කුණාටුවකට අසුව පෙරළි යාමේන එක් ධීවරයකු අතුරුදහන් වි ඇති බවත් අනෙක් ධීවරයා කරුකුපනේ ධීවරයන් අද දහවල් වන විට බේරා ගෙන ඇති බවත් හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස බේරා ගෙන ඇත්තේ හලාවත අලුත්ගම ප්‍රදේශයෙන් අංක 5821 දරණ කුඩා ධීවර යාත්‍රවේ සිටි හලාවත කවටියාත්ත ප්‍රදේශයෙ පදිංචි ධීවරයෙකී.
මේ වන විට අතුරුදහන් වී ඇත්තේ හලාවත අලුත්වත්ත ජයතුංග ආරච්චිගේ දොන් ජනිත් ක්‍රිෂාන් නැමති 39 හැවිරිදි විවාහකයකු බව කියයි.
පවතින දැඩි අයහපත් කාලගුණ තත්වය යටතේ ධීවරයින්ට මුහුදු යාමේන් වලකින ලෙසට දැනුම් දී තිබියදී මෙම ධීවරයින් අද උදෑසන මුහුදු ගොස් ඇති බව පැවසෙයි.