(ඩී.ජී.සුගතපාල )
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
අතුරුදහන් ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචි 25 හැවිරිදි ධිවරයෙකි.
ඔහු තවත් පස් දෙනෙකු සමග ඉකුත් 26 වනදින චමිර පුතා නමැති බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර ඊයේ(08) සවස ඔහු මුහුදට වැටුන බවට යාත්‍රාවේ හිමිකරුට සන්නිවේදන උපකරණ මගින් දැනුම්දිමෙන් පසු යාත්‍රාවේ හිමිකරු ඒ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය මේ පිළිබඳව දක්ෂිණ නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති අතර නාවික හමුදාව විසින් අතරුදහන් ධිවරයා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

