
( ඩි.ජී.සුගතපාල)
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා කේරල ගංජා සමඟ අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණ තරුණියන් 28 දෙනා සැප්තැම්බර් මස 9වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (30) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වයස අවුරුදු 18ත් 24ත් අතර වයස්වල පසුවන මොරටුව, අම්පාර,අනුරාධපුරය, මාතලේ, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි තරුණයින් 26 ක් සහ උහන හා මොරටුවේ පදිංචි තරුණියන් දෙදෙනෙකි.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව අක්මිමණ පොලිස් වසමේ රත්ජම්බුගහ පොම්පාගාරය අසල හෝටලයක් වටලා මෙම පිරිස සහ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිඥවරුන් තම සේවා දායකයින්ට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ අන්තර්ජාලය හරහා සංවිධානය කරනු ලබන මෙවැනි සාද පිළිබඳ මාධ්‍ය මගින් නිතරම අනාවරණය කරමින් තිබියදිත් තරුණ ළමයින් මෙවැනි දේවල්වලට ඇබ්බැහිවිම අපරාධයක් බව කියා සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කොට සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කලේය.

