(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය එල්ලකළ සහරාන්ගේ බිරිඳ දුරකතන දෙකක් කඩා විසිකර දැමූ බව කියන ස්ථානයට කිලෝමීටර් තුනක පමණ දුරකින් දිවුලපිටිය මීරිගම මාර්ගයේ පොත්තෙවෙල ප‍්‍රදේශයේ බෝක්කුවක් අසළ සැකකටයුතු පාර්සලයක තිබී මුස්ලිම් කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් නවීන ජංගම දුරකථන 2ක් අද(10) සොයාගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස් මාර්ගය දෙපස කැලෑව කපමින් සිටියදී පාර්සලයක් හමුවීමෙන් පසු ඒ පිළිබඳව පල්ලෙවෙල පොලිසියට දැනුම් දී ඇත. පොලිසිය සිදුකළ මූලික පරීක්ෂාවෙන් පසුව මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂාව සඳහා මීරිගම ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්කී‍්‍රය අංශය කැදවනු ලැබීය.
එහි තිබී නවීන දුරකතන දෙකක් හමුවූ බවද ඒවා ක්‍රියාකාරී තත්ත්වයේ පැවති බවද, එහි සිම්පත් අඩංගු නොවූ බවද එම පාර්සලය ජලය නොයන සේ ඇසුරුම් කර තිබූ බවද දුරකතන මුහුණතේ මුස්ලිම් කාන්තාවකගේ ජායාරූපය අඩංගු බවද පොලිසිය සදහන් කළේය.
අත්අඩංගුවේ පසුවන සහරාන්ගේ බිරිය කළ ප්‍රකාශය අනුව ඇය විසි කර දමනු ලැබූ බව කියන දුරකතන කොටස් කිහිපයක් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය 29 හා 30 දිනවල දිවුලපිටිය මීරිගම මාර්ගයේ හල්පේ ගුරුල්ලගම උලූකඬේ හන්දිය අසළ වෙල් යායේ සෝදිසි මෙහෙයුමක් සිදු කළේය. එහිදී කඩා දමන ලද දුරකතන කොටස් කිහිපයක් සොයා ගනු ලැබීය.
මෙම දුරකතන සහරාන්ගේ කල්ලියට සම්බන්ධ වූවෙකු විසින් දමා ගිය ඒවාද යන බවට පොලිසිය සැක පහල කරයි. මෙම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බව පල්ලෙවෙල පොලිසිය සඳහන් කරයි.

