මුලතිව් මුහුදු වෙරලේ රතුකොඩි ඔසවයි


(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට අවධානම් ස්ථාන කිහිපයක් හඳුනාගනිමින් එම ස්ථානවල දියනෑමට තහනම් කරමින් රතුකොඩි ප්‍රදර්ශනය කිරීමට මුලතිව් පොලීසිය, ධීවරයින් සහ නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

මේ දිනවල මුලතිව් මුහුදු වෙරල බොහෝ සෙයින් රලු ස්වභාවයක් ගන්නා වුවද බොහෝ පිරිස් අවධානම නොතකා දිය නෑමට යාම හේතුවෙන් විවිධ වූ අනතුරුවලට මුහුණ පෑමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් එම ස්ථානයන්හි දිය නෑම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය 06 වනදා ද එලෙස වවුනියාවේ සිට විනෝද චාරිකාවක් සඳහා මුලතිව් මුහුදු වෙරලට ගොස්  අවධානම නොතකා දිය නෑමට ගිය තරුනයින් තිදෙනෙකු මුහුදුරලට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම මුහුදු වෙරලේ අවධානම් ස්ථාන හඳුනා එම ස්ථාන වලින් දිය නෑම තහනම් කිරීමට ප්‍රධාන හේතුවක්ද විය.

මුලතිව් මුහුදු තීරය සෑම වසරකම සැප්තැම්බර් මස සිට ජනවාරී මාසය දක්වා දැඩි රලු ස්වභාවයක් ගන්නා අතරම සෑම වසරකම ජීවිත හානි ඇතුලු අනතුරු වාර්තාවීමද විශේෂත්වයකි.