(යොහාන් භාසුර)
හෘදයේ හදිසි ශල්‍යකර්මයකට ලක්කළ ශ‍්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායිහි රෝහලෙන් අද (19) පස්වරුවේ පිටව ගියේය.
මුරලිදරන් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහු ඉදිරි දින කීපයේදී නැවතත් අයි.පී.එල්. තරගාවලියට සම්බන්ධවනු ඇති බවත් ඔහුගේ සමීපතමයකු පැවසීය.
හෘදයේ නාලිකාවක අවහිරතාවක් සම්බන්ධයෙන් ඔහු ශ‍්‍රී ලංකාවේදී ද ප‍්‍රතිකාර ලබාගත් බවත් චෙන්නායිහිදී වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මය ඉක්මන් කළ බවත් ඔහුගේ සමීපතමයා පැවසීය.
මුරලිදරන් හෘදයාබාධයක් වැළදීමෙන් රෝහල්ගත නොකළ බවත් අවශ්‍යතාව අනුව ස්ටෙන්ට් දැමීමේ ශල්‍යකර්මය කළ බවත් ඔහු කීය.

