මුදල් වැය කිරීම අවශ්‍යම දේට පමණයි


(අංජුල මහික වීරරත්න)

 රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන ලබාදෙන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතුරු මෙම  පියවර අනුගමනය කරන ලෙස ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අදාළ උපදෙස් ලබාදී තිබේ.