.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත්කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් තමා අද පාර්ලිමේන්තුවේ දී විරෝධය මතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මුල් පුටුවට පත් කළ හැක්කේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු බවද ඔහු සඳහන් කළේය.
හමුදාව කාරක සභාවේ මුල් පුටුවට සභාපතිවරයෙකු පත් කළ යුත්තේ තේරීම් කාරක සභාවෙන් නමුත් මුදල් කාරක සභාව රැස්වී වැඩබලන සභාපති වරයෙකු පත් කරගෙන ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

