මුදල් ඇමැති රටවල් හතක තානාපතිවරුන් හමුවෙයි


(ඩයනා උදයංගනී)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අද (14) හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡාවේ නිරත විය.

මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.