(ප්‍රසාද් රුක්මල්,ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
ඇල්ල බල්ලකෙටුවේ නිවෙසක මුනුබුරකු පොරොවකින් හිසට පහරදී සිය ආච්චි සහ සීයා ඝාතනය කර ඇතැයි බල්ලකෙටුව පොලිසිය පවසයි.
පොරොවකින් හිසට පහරදීමෙන් බරපතළ තුවාල ලැබු ආර්.ඩී.ඇඩ්ඩින් (75) දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් , ඊ.ඩී. ගුණවතී (69) බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය පැවසීය .
මෙම වයෝවෘද්ධ යුවල සමඟ සැකකාර 22 හැවිරිදි මුනුබුරා පමණක් නිවසේ සිට ඇති අතර සැකකරු මෙම වයෝවෘද්ධ යුවළගෙන් මුදල් ඉල්ලා ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ සැකකරු නිවසේ තිබූ පොරොව ගෙන සිය ආච්චිගේ සහ සීයාගේ හිසට පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
සිද්ධියෙන් අනතුරුව 22 හැවිරිදි සැකකාර මුනුබුරා පලාගොස් ඇති බවත් , මොහු කලක් යුදහමුදාවේ සේවය කර පලා ආ අයකු බවද උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය .

