(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප‍්‍රදේශයෙන් ගතවූ දිනයේදී කොරෝනා ආසාධිතයන් 92 ක් හමුවී ඇතැයි එම කාර්යාලය සදහන් කරයි.
විවිධ අවස්ථාවලදී විවිධ ඇගලූම් ආයතනවලින් ඒවායේ සේවක පිරිස් වෙනුවෙන් සිදු කෙරුණු පී. සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව හෙලිවූ තොරතුරු මත සිදු කෙරුණු පරීක්ෂනවලදී මෙම පිරිස හදුනා ගෙන ඇත.
ආයතනවලදී ආසාධිත බවට පත්වූ සේවිකාවන් සදහා මූලික පරීක්ෂණ සිදුකර එම ආයතනවලින් නිවෙස් වලට යවා ඇතැයිද ඔවුන් කොරෝනා ආසාධිතවූවන් බව නිශ්චිතව හෙලිවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අයවලූන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පී.සී. ආර් පරීක්ෂණ පැවැත්වීමේදී එක් පවුලක සාමාජිකයන් හතරේ සිට හය දක්වා පිරිස් කොරෝනා ආසාධිතවූවන් බව හෙලිවී ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

