මීමුරේ ගමන දම්බඩෙන් නතර වෙයි


(පාලිත මඩුගල්ලේ, ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

වාරියපොළ  මීමුරේ ගම්මානය නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ දම්බඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් 19 හැවිරිදි විවාහක කතක් මිය ගොස් තවත් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇත.

තුවාල කරුවන් මැදමහනුවර හා තෙල්දෙණිය රෝහල්වලට ඇතුල් කර ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.

අනතුර පිළිබඳව උඩදුම්බර පොලිසි පරීක්ෂණ පවත්වයි.