( ඉන්දිකා රාමනායක )
මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදී එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ හිටපු ආසන සංවිධායක හිටපු පළාත් භා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය මගහරිමින් මාස 4 කට අධික ඛාලයක් සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට( 08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

