මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෝ පහක් අතුරුදන්


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මහේෂ් මලවරආරච්චී)

රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත.

මිරිස්ස ධීවර වරායෙන් නොවැම්බර් 21 වැනි දින  මෙම යාත්‍රාව මුහුදු ගොස් තිබේ. එසේ අතුරුදන් වී ඇත්තේ ඩි.ජේ පියුමාල් (ස්කිපර්), අමල් සුරංග, ආර් සුසන්ත, බී එල් රුමේෂ්, දිලාන් දර්ශන නමි මිරිස්ස ප්‍රදේශයේම පදිංචි ධීවරයන් පස් දෙනෙකි.

ඔවුන් අවසන් වරට ඉකුත් 06 වැනි දින  ගොඩබිම සමග සැටලයිට් ඔස්සේ සම්බන්ධ වී තිබෙන අතර ඉන් පසුව සිට මේ දක්වා කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නොමැති බව එම පවුල්වල ඥාතීහු පවසති.

ඔවුන් ඒ පිළිබඳව වැලිගම මූලස්ථාන මූලස්ථාන පොලීසියට අමතරව නාවික හමුදාව සහ ධිවර අමාත්‍යංශය වෙත ද දැනුම් දී ඇත. එහෙත් තවමත් නිල තොරතුරක් ලැබී නොමැත.

එබැවින් මහ මුහුද මැදදී අනතුරකට ලක්ව ඇත්දැයි සැක කරන මෙම ධීවරයන් පස් දෙනාගේ ජීවිත කඩිනමින් බේරා දෙන ලෙසට එම ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.