(ටී.කේ.ජී.කපිල )
මියන්මාර රජය විසින් මෙරටට ලබා දුන් ආපදා ආධාර තොගයක් සහ එරට නියෝජිත පිරිසක් රැගත් විශේෂ එරට ගුවන් හමුදා ගුවන් යානයක් මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .
එම ගුවන් යානය තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් තිබුණි .
මෙම මියන්මාර ගුවන් හමුදාවට අයත් වයි .- 8 ගුවන් යානය 12/06 දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ගොඩබස්වනු ලැබීය . මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනිය මාර්ලා තාන් ටයික්( Marla Than Htaik ) මහත්මිය , එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෝ ෆියෝ වින් ( Zaw Phyo Win ) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ .

