මිනුවන්ගොඩ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වසාදමයි



(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ නගර සභා සීමාවේ පිහිටි ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු දෙදෙනෙකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාර්යාලය වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (28) පැවසීය.

එම ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරන විවිධ තරාතිරමේ සේවක සේවිකාවන් 16 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බව මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ආර් .ලසන්ත මහතා කීය.

තවද මිනුවන්ගොඩ-කොළඹ මාර්ගයේ පාලම අසල පිහිටි පැරණි වෙළඳසැල් සංකීර්ණයේ දී කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී  ආසාදිතයන් 10දෙනෙකු  හමුවීම හේතුවෙන් එම සංකීර්ණයේ ඇති පලතුරු වෙළඳසැල් 02ක්, කරෝල වෙළඳසැලක්,රන් භාණ්ඩ අලෙවිසලක් සහ තරාදී විකිණීමේ වෙළඳසැලක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර රන්දෙණිය මහතා කීය.