මිනී මැරුම්- කුඩු වැඩි වෙලා


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මනුෂ්‍ය ඝාතන සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ වසරේ පමණක් වෙඩි තැබීමේ සිද්ධි 101ක් සහ මරණ හැටක් වාර්තා වී තිබෙනවා.එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව තවත් බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න රජය අපොහොසත්  තිබෙනවා.ඇස් දෙකට පේන පෝලිම වෙනුවට ඔන්ලයින් පෝලිමක් නිර්මාණය වී තිබෙනවා.වරායේ බහාලුම්  නිෂ්කාශනය වේගවත් නොකිරීම නිසා නැව් විශාල සංඛ්‍යාවක් කොළඹ වරාය මගහැර ගොස් තිබෙනවා.එමෙන්ම වැඩිහිටි ගිණුම් සඳහා වන සියයට 15ක පොලී අනුපාත වාසිය ඒ ජනතාවට අහිමි වී තිබෙනවා. එමෙන්ම රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට 10 දක්වා වැඩි කර තිබෙනවා.මේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.