මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා


(සුමිත් පොතුපිටිය)

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.  

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී මාර්ගයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය කීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයකු බවට සැකපලකරන බවත් පොලිසිය කීය.

ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශය මගහැර සිටින බවත් පොලිසිය සදහන් කරයි.