මිඩ්නයිට් ට්‍රේන් ඇමෙරිකාවට යයි


 

(සමන්ත යහම්පත්)

ශ්‍රී ලාංකේය සිනමාවට සැබෑ අවමවාදී සිනමා ක්‍රමවේදය ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Midnight Train’ සිංහල චිත්‍රපටය, ඇමෙරිකාවේ ‘Next Generation Indie’ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම වෘතාන්ත චිත්‍රපටය සඳහා තරග වැදීමට තෝරාගෙන ඇත.

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ තිර රචනය හා නිෂ්පාදනය මහාචාර්ය නිමල් සේනානායකගෙනි.

ශ්‍රී ලාංකේය පුරෝගාමී අවමවාදී සිනමා කෘතියක් ප්‍රථම වරට වෙනත් රටවල අධික පිරිවැය සහිත චිත්‍රපට සමග ගුණාත්මකව එක පෙළට හිඳ තරග කිරීම විශේෂත්වයකි. ‘Midnight Train’ චිත්‍රපටයට රංගනයෙන් ජනක කුඹුකගේ, දිලිප් මනෝහර, කුමාර සිරිවර්ධන හා සිනමාවට හඳුන්වා දෙන නවක නිළි හිරෝෂීමා විජේසිංහ දායක වී සිටිති.