මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය  කියයි.

සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය හා ඔහු පැමිණි යතුරුපැදියද  පොලිස් භාරයට ගෙන ඇත.

අද  (1) මැයි දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලු මුව දොර පිටියේ සංවිධානය කර තිබෙන මැයි දින රැලියට  ජනාධිපති ,අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකථනයෙන් පීටිකාව උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදී ඇත.