
(යොහාන් භාසුර)
පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති බව එහි වෙළෙන්දෝ පවසති.
එළවළු මිල පෙර දිනයන්ට සාපේක්‍ෂව පහත වැටුණ ද සිල්ලර වෙළෙන්දන්ගේ පැමිණිම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩකින් පමණ අඩුවීමෙන් එළවළු විකුණා ගැනීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොල පොදු සේවක සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දන් පවසන්නේ එළවළු මිල ඉහළ ගොස් තිබීම නිසා සිල්ලර වෙළොන්දන් දැඩි අපහසුතාවට පත් වූ බවයි.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොල දින තුනකට පසුව ඊයේ (12) යළි විවෘත කළේය.


(ඡායාරූප ළහිරු හර්ෂණ)

