මැදියම් රැයේ සිට දුම්රිය නෑ


(නිමල කොඩිතුවක්කු)

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් දුම්රිය ධාවනයෙන් අද මධ්‍යම රාත‍්‍රියේ ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි.

දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.

දුම්රිය බලධාරීන් සමග සිදුකළ සමඟ සිදුකළ සාකච්ඡුා අසාර්ථක වූ බැවින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිරත වීමට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් තීරණය කර බවත් හේරත් මහතා පැවසීය.

මෙම ඉල්ලීම් පදනම් කරගනිමින් අද පස්වරු 2ට පමණ හදිසි වර්ජනයක් ආරම්භ කළත් දුම්රිය මගීන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කාර්යාල දුම්රිය ධාවනයට පියවර ගත් බවත් හෙතෙම පැවසීය.