මැදවච්චියේ ඇලකින් ටී 56 පතුරොම් මතුවෙයි


(දයාරත්න ඇඹෝගම)

වහමල්ගොල්ලෑව,රණවිරු ගම්මානය පිටුපස ප්‍රදේශයේ මහකනදරාව සිට ඉකිරිගොල්ලෑව දක්වා ගමන් කරන ඇළ  මාර්ගයේ ජලය පිරුණු වළක් තුළ  තිබු ටී 56 වර්ගයේ මැගසින් 02 ක් හා ටී 56 වර්ගයේ ජීව පතුරම් 41 ක් සොයාගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මාළු ඇල්ලිමට ගිය ධිවරයින් පිරිසක් විසින් මෙම ස්ථානයේ පතුරම් තිබෙනු දැකිමෙන් පසුව ඔවුන් විසින් පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට පැමිණ මෙම පතුරම් හා මැගසින් සිය බාරයට ගෙන තිබේ.

පතුරම් හා මැගසින් තිබු ස්ථානයට ආසන්නව ආබාධිත රණවිරුවන් පදිංචි ගම්මානයක් පිහිටා ඇති අතර එම ගම්මානයේ පදිංචි කරුවෙකු විසින් මෙම පතුරම් හා මැගසින් එම ස්ථානයට දමන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.