මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි


(සුජිත් හේවාජුලිගේ )

කෝප් සහ කෝපා  ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee  of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක  සපුමල් රන්වල මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන්ට දැනුම් දී ඇත.

තේරීම් කාරක සභාව ලබන 3 වැනිදා පිහිටුවීමට නියමිතය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 08 දෙනෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සිවු දෙනෙක් ඇතුළත් වෙති.

ලබන 03 වැනිදා තේරීම් කාරක සභාවට නම් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

අනතුරුව තේරීම් කාරක සභාව එදිනම පස්වරුවේ රැස්වී කමිටු පත් කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.