(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට නුවරඑළියේ පවත්වාගෙන එන නිවාඩු නිකේතනය (General's House) ආසන්නයේ පාර්ලිමේන්තු සේවකයන් වෙනුවෙන්ද නිවාඩු නිකේතනයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙය පාර්ලිමේන්තු සේවකයන් කාලයක සිට කරන ලද ඉල්ලීමක් ඉටු කිරීමක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සියලුම කාර්යාලවලට පානීය ජල පහසුකම්( ලොකු ප්‍රමාණයේ ජල බෝතල්) ලබා දෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇත.
බොහෝ කාර්යාලවල පානීය ජල පහසුකම් නොමැති බව පෙනී යෑමෙන් පසු කතානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.