(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ එහි පිටත පරිශ්‍රයේ පසුගියදා ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව ලබන 3 වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
මෙම කමිටුවේ වාර්තාව කතානායකවරයාට ලබන වසරේ මුල් මාසයේදී බාරදීමට නියමිතය. වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනෙනු ඇත.පාර්ලිමේන්තු සභාගර්භයේ සහ ඉන් පිටත පරිශ්‍රයේ මෙම නොහික්මුණු සිදුවීම් සිදුවුයේ මීට සති කිහිපයකට පෙරදීය.
මේ සිද්ධීන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාට පසුගියදා වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කළහ.

