(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය මේවසරේදී විවෘත නොකරන බව මහජන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මහජන ගැලරිය විවෘත කිරීමේ හැකියාව ලබන ජනවාරි මාසයේ දී සලකා බලන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය නැවත විවෘත කිරීමට කටයුතු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද පසුගියදා සාකච්ඡා කෙරිණ.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය තවමත් විවෘත කිරීමට හැකියාවක් නොමැති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර රජයේ අයවැය යෝජනාවලිය ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසුව මාසයකට ආසන්න කාලයක් අයවැය විවාදය පැවැත්වෙන හෙයින් ජනතාව එම විවාද දැක බලා ගැනීමට දිගටම පැමිණියහොත් කොරෝනා අවදානමක් යළි මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පෙන්වාදී ඇත.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රටපුරා කොරෝනා සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග මෙයට මාස ගණනාවකට පෙර වසා දැමුවේය.

