මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින්  ආරම්භ කරනු ලැබ ඇත.

ඒ අනුව නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ මුල්පෙළ අගමැති ආසනය (හත්වෙනි ආසනය)පිරිනැමෙනු ඇත.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඒ පැත්තේම ඉදිරි පෙළ ආසනයක් වෙන් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකු හෙයින්  ඔහුට අනිවාර්යෙන්ම ඉදිරිපෙළ ආසනයක් වෙන් කළ යුතුව ඇත.

හිටපු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට  වෙන් කරනු ලැබ ඇත්තේද    විපක්ෂය පැත්තේ ඉදිරිපෙළ අසුනකි.