(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත්පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය හෙට (9) සහ අනිද්දා (10) දවස පුරා පැවැත්වේ.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ඉල්ලීමක් කළේය. දෙදින විවාදයක් ලබාදීමට තීරණය කෙරුණේ ඒ අනුවය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පසුගියදා දින දෙකක් විරෝධයක නිරත වූහ.

