
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4363ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම පැමිණිලි අතරින්, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබූ පැමිණිලි ගණන 897කි. දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලින් ලැබූ පැමිණිලි ගණන 3466කි.
මැතිවරණ කොමිසමට දෛනිකව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 178කි. එයින් පැමිණිලි 30ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් වන අතර, සෙසු පැමිණිලි 148 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලින් ලැබූ ඒවා වේ.
මෙම දෛනික පැමිණිලි ජූලි 20 වැනිදා ප.ව. 4.00 සිට 21වැනිදා ප.ව. 4.00 දක්වා මැතිවරණ කොමිසමට වාර්තා වූ පැමිණිලි වේ.
මැතිවරණ පැමිණිලි අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වූ කිසිවක් නැති බවද, පැමිණිලි සියල්ල ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් යටතෙහි ගැනෙන බවද, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


