එළඹෙන මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයන් 150 දෙනකුවත් මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ගෙදර යවනු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්ත මන්ත්‍රී රොෂාණ් රණසිංහ මහතා පැවැසුවේය.
ඇතැම් නායකයන් ශ්‍රී ලංකාව බංකොලොත් සමාගමක් කරල තියෙනවා. එම බංකොලොත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් මණ්ඩලය බව රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දීමට සුදුසු බව පැවැසුවේය. 1977 සිට 2023 දක්වා රට බංකොලොත් වූ වසර 45 ක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඇතුළේ සිට ඒ පිළිබඳ හොඳ දැනීමක් තිබූ නිසා යැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
රට බාරදී අවුරුදු එකහමාරක් තුළ රට ස්ථාවර කරාවි යැයි විශ්වාස කළත් එය එසේ නොවුණු බව රොෂාන් රණසිංහ මහතා පැවැසුවේය.
ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබුණු පසු සියලු ප්‍රශ්න විසදෙන බව ප්‍රකාශ කළත් එය රැවටීමක් බව රණසිංහ මහතා පැවැසුවේය.
ලබා ගන්නා ණය නිසි පරිදි කළමනාකරණයක් සිදු නොවන බවත් සිදු වන්නේ එදා වේල පිරිමැසීමක් බවත් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේය.

